නිලූකා ඩී තිලකරත්න
ඩී ආර් විජේවර්ධන ශ්‍රීමතාණන් 1963 වර්ෂයේ දී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ ආරම්භ කරමින් ලබා දුන් පූර්වාදර්ශය නිසා
අද රටේ විවිධ ස්ථානවල වෙහෙර විහාරස්ථාන ආලෝකමත් කිරීමට විවිධ ආයතන පෙරමුණ ගෙන ඇති බව 55වැනි මිහින්තලා
ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවන දිනයට එක් වෙමින් මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ
සඳහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ එදා දේවානම්පියතිස්ස රජ දවස හතළිස් දහසක්
දෙනා දුනු හී බිම තබා ප්‍රථමවරට පන්සිල් සමාදන් වූ මිහින්තලා පිං බිම ධර්ම ශ්‍රවණය සඳහා දෙවියන් ට ප්‍රථමවරට දේවාරාධනාව
සිදු කළ ස්ථානය බවත්,අරිට්ඨ ඇතුළු කුළ දරුවන් හැට අටක් ප්‍රථමව මෙලක සසුන් ගත කිරීම ත් එම හැට අට නමක් වහන්සේලා
වස් වාසය කිරිමත් මෙම ස්ථානයේ දී සිදු වූ බවයි. තවද සර්වඥ ධාතූන් වහන්සේ බෙදා හැරීම සිද්ධ වූයේ මෙම මිහින්තලා පුද බිමේ දි
නිසා මෙහි ඇති වැදගත්කම වටිනාකකකම හඳුනාගෙන කටයුතු කිරීම ප්‍රශංසනීය බවද උන්වහන්්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක
මේ පොසොන් පොහොය දිනය අසමගි අය සමගි කරන සැදැහැවත් ගාම්භීර ජාතියක් බිහිකරන දවසක් බවට පත්කිරීම සඳහා
ස්වාමීන්වහන්සේ පෙරමුණ ගත යුතු බවත් වැසියන් ඒ අනුව කටයුතු කළ යුතු කරමින් අනාගත පරපුර ශක්තිමත්
කළ යුතු බවත් මිහින්තලා ආලෝක පූජාවට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,කෘෂිකර්ම අමාත්‍ය
දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ය. අලුත් වෙනසක ආරම්භයක් මේ රටට ලබා දුන්
පොසොන් පෝ දිනය බුදු පියාණන් ගේ තෙමගුල සිහි කරන වෙසක් දිනය සේම මෙරටට බෙහෙවින් වැදගත් වන අතර එදා සිට
රජවරුන් මිහින්තලාව ආරක්ෂා කිරීමට කටයුතු කළා සේම සියලු ආණ්ඩු මේ දක්වා මිහින්තලාව රැකීමට උර දී සිටින බවත් වත්මන්
ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමන් ද ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙහිදී අමාත්‍ය වරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අපේ රටේ මිනිස්සු බණ අහන තරමට හැදි නැති බවත් අද
මාධ්‍ය ඊට ඉල්ලුමට සැපයුම ලබා දීමේ කාර්යයක නියුතු වෙමින් නරක දේ මිනිසුන් අතරට ගෙන යමින් සිටින බවත් ය.
මේ නිසා මාධ්‍ය කලාව හොඳ ප්රවණතාවන් ඇති කරලීම උදෙසා වෙනස් මගක් ගත යුතු බවයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
පොසොන් පොහොය දිනය මේ රටේ ලොකුම විප්ලවය සිදු වූ දවසයි.
අවි ආයුධ , සටන් පාඨ කිසිවක් නොමැතිව මානව අයිතීන් දිනා දුන් දවසයි. කලාව , භාෂාව, අපේකම, චින්තනය,
ආදි සියල්ල මේ දිනය හා සම්බන්ධ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මිහින්තලා
ලේක්හවුස් ආලෝක පූජාවට එක් වෙමින් ඊයේ 8) සඳහන් කළේ ය. එහිදී වැඩිදුටත් අදහස් දක්වමින්
ඒ මහතා සඳහන් කළේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඇරඹීමෙන් පසුව ඇරඹි ආලෝක භාරය වඩා වැදගත් කාර්යය
භාරයක් ඉටු කරන බවයි. 1981 දී ඇරඹි ආලෝක භාරය මේ දක්වා සිදු කරගෙන යන සමාජ සේවා කටයුතු වලලට
ලංකා විදුලි බල මණ්ඩලයට දායක වීමට ලැබීම භාග්‍යක් බවයි. එසේම මීට වසර පහළොවකට ඉහත දී මිහින්තලය
රජමහා විහාරයට ලබා දුන් විදුලි පද්ධතිය එළඹෙන පොසොන් සමයට පෙර යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වන බව ද
අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ඇතුළු සංඝරත්නය ,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක,විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ,
ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මැතිනිය, එක්සත් ජාතික පක්ෂ මිහින්තලා ප්‍රධාන සංවිධායක සංජීව සෙනවිරත්න,
විදුලි බල මණ්ඩලයේ අමාත්‍යංශ ලේකම් ගනේගල මහතා ,ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මැතිතුමා,
සාමාන්‍යාධිකාරී අභය අමරදාස ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
Share this post:
on Facebook
on Google+