පොසොන් උත්සවය
පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භවන දින කිහිපයක් පුරා අනුරාධපුරය සහ මිහින්තලය ප්රධාන කොටගෙන ශ්රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි.මහින්දාගමනය හෙවත් මිහිදු මහරහතන් වහන්සේ පුමුඛ පිරිස ලක්දිවට වැඩම කිරීම මගින් ශ්රී ලංකාව තුළ බෞද්ධ දහම තීරණාත්මක ලෙස ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලබයි.
ඒ වෙනුවෙන් බෞද්ධ ජනී ජනයා රජරටට වන්දනා ගමන් යාම, දන්සල් පැවැත්වීම, ආගමික කටයුතු වල නියැලීම විශේෂ කොට සිදුකරනු ලබයි.