මිහින්තලා ආලෝක පූජා තෙවැනි දිනය අද
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම(ලේක්හවුස්) මගින් පනස් පස් වන වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පුජා පුණ්‍ය උත්සවයේ තෙවන දිනය අදයි.
දින පහක් පුරා පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පුජාව පෙරේදා(07)ආරම්භ විය.
ලංකා විදුලි බලමණ්ඩයේ සම අනුග්‍රහයකත්වයෙන් හා ලංකා බැංකුව, ඩයලොග් ආයතනය බැතිබර දායකත්වය මේ සදහා ලබා දෙයි. මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් හා මෙහෙයවිමෙන් මෙවරත් මිහින්තලා අලෝක පුජා පුණ්‍ය උත්සවය පැවැත්වේ.
මිහින්තලය ආලෝක පුජාවේ තෙවන දිනය වන අද(09)අමාත්‍යවරුන්වන පාඨලි චම්පක රණවක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය ඇමතිවරුන් වන අජිත් පි පෙරේරා, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට කටයුතු යොදා ඇත.
මේ අතර ඩී ආර් විජේවර්ධන ශ්‍රීමතාණන් 1963 වර්ෂයේ දී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ ආරම්භ කරමින් ලබා දුන් පූර්වාදර්ශය නිසා අද රටේ විවිධ ස්ථානවල වෙහෙර විහාරස්ථාන ආලෝකමත් කිරීමට විවිධ ආයතන පෙරමුණ ගෙන ඇති බව 55වැනි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවන දිනයට එක් වෙමින් මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.