මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව අගමැති සුරතින් අද ඇරැඹේ
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආලෝක පුජා පිංකම අද (04)සවස 6.00 රජමහා විහාරස්ථාන මැදමළුවේ දි සිදු කෙරේ.
තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා-ලේක්හවුස් ආලෝක පුජා පුණ්‍ය උත්සවය මෙවර පවත්වන්නේ පනස් අට වන (58) වරටයි. ආරෝග්‍යා පරමාලාභා යන්න තේමාව කරගත් මෙවර රාජ්‍ය පොසොන් මහා පිංකම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබේ. රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමඟ මෙවර පොසොන් මහා පිංකම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරිමට කටයුතු යොදා ඇත.
ආලෝක පුජා පුණ්‍ය උත්සවයේ දෙවන දිනය වන මෙම පස් වැනිදා (පොසොන් පොහෝදා) ආලෝක පුජා පිංකම තෛනිකායික මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ