සිරිපා අනුරුව හා අනුබුදුහිමි පිළිමයට කැලණිය පුදබිමේදී වන්දනාමාන
පොසොන් සමයේ මිහින්තලා පුදබිමටවන්දනාවට පැමිණෙන සැදැහැවත් ජනතාවට වන්දනාමාන පිණිස බුදුරජාණන් වහන්සේගේ ශෛලමය ශ්‍රී පතුල සහ අනුබුදු මිහිඳු මාහිමි පිළිමය කොළඹ ලේක්හවුස් මන්දිරයේ සිට රිය පෙරහරකින් මිහින්තලාව බලා වැඩමවන අතරතුර කැලණිය රජමහා විහාරස්ථානයට ද ඊයේ රැගෙන යන ලදී.
කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ද, එහි රැස්ව සිටි සැදැහැවත් බොදු බැතිමත්හුද කැලණි පුදබිමේදී මේ අසිරිමත් සිරිපතුල් වන්දනාවට එක්වූහ.
මෙහිදී අනුශාසනාවක් කළ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් මෙසේ කීය.
මිහින්තලා ආලෝක පූජාව ලේක්හවුස් ආයතනය නොකඩවා සෑම වසරකම පවත්වන්නකි. එය පැසසිය යුතු ක්‍රියාවකි. සැදැහැවතුන්ගේ ශ්‍රද්ධා භක්තිය දියුණු කිරීමට ලේක්හවුස් ආයතනය ගන්නා වෑයම ප්‍රශංසනීයය. එය බෞද්ධයින් වශයෙන් අප අගය කළ යුතුමයි.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ අය ද සහභාගි වූහ. කැලණිය පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොල මහතා ද මේ සඳහා එක්ව සිටියහ. මේ එහි විවිධ අවස්ථා කීපයකි.
ඡායාරූප හා සටහන – කැලණිය විශේෂ ලයනල් පී. පෙරේරා